සිවිල් ක්‍රියාකාරකම්
වෙසක් පුර පසලොස්වක පෝය දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් වැඩසටහන් රැසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් කලාපය විශේෂාංග කිහිපයක් සමඟින් මැයි මස 5 දින සිට 7 දින දක්වා පැවැත්විණි.
ගැමුණු හේවා බලකායේ භටපිරිස් කුරුවිට එක්නැළිගොඩ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

කුරුවිට, එක්නැළිගොඩ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන් සහ උපාධි අපේක්‍ෂකයන්ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූස්ථානයේ භටපිරිස් එම විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (මැයි මස 03) දින විද්‍යාල බලධාරින් වෙත භාරදුන්හ.
142 පාබල බලසේනාවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනකට දායක වෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය වෙතින් මැයි මස 04 දින පැවැත්වූ ලේ දන්දීමේ කඳවුරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා (මැයි 05) දින මුලතිව්, සුගන්දිපුරම් හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලක 15 හැවිරිදි ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
651 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් දියත් කරයි

65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් වෙල්ලන්කුලම ප්‍රදේශයේදී හකුරු සමඟ කොත්තමල්ලි දන්සලක් පැවැත්වීය.
541 පාබල බලසේනාවේ සහ 54 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බත් දන්සැලක් පැවැත්වේ

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනාවේ භටපිරිස් මන්නාරම, කල්ලඩි ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුර ආසන්නයේදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් ධර්ම දේශනයකට සහභාගී වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (05) දින විශේෂ වෙසක් දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති මහා බත් දන්සල යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී...
12 පාබල සේනාංකයේ භටපිරිස් බුන්දල කනිෂ්ඨ විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ‘වෙසක්’ පොහොය නිමිතිකරගෙන මැයි මස 04 වන දින හම්බන්තොට, බුන්දල කනිෂ්ඨ විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 59 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් වෙසක් උත්සවය සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකකයන්ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ දන්සල් පවත්වමින් වෙසක් උත්සවය සමරනු ලැබූහ.