සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ගෝණගංආර ප්‍රදේශයේ වැසියන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් ඉදිකර දෙයි

යුද්ධ හමුදාවේ අධිවිනිසුරු අධිනීතීඥ ජෙනරාල් බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ ප්‍රමුඛ පරිත්‍යාගශීලීන් කණ්ඩායමක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මොණරාගල, ගෝණගංආර ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් ඉදිකර දී ප්‍රදේශයේ ආර්ථික...
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් සින්නවලයන්කඩ්ඩු පාසලේ සිසුසිසුවියන් සඳහා පාසල් පාවහන් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන පාබල සේනාංකයේ 562 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් වවුනියාව, පෙරියවලයන්කඩ්ඩු ප්‍රදේශයේ සින්නවලයන්කඩ්ඩු පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කර මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල පාසල් සිසුසිසුවියන් 40 දෙනෙකු වෙත පාසල් පාවහන් තොගයක් ප්‍රදානය කරන ලදී.
11 පාබල සේනාංකය ‘වෙසක්’ උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව පල්ලෙකැලේ 11 වන පාබල සේනාංක කඳවුරු පරිශ්‍රයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එස්ඩීයූ ගේ උපදෙස් මත පසුගිය සඳුදා (05) දින විචිත්‍රවත් වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී.
231 පාබල බලසේනාවේ භටපිරිස් මඩකලපුව නගරයේ අවුරුදු උත්සවය පවත්වයි

23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනාවේ භටපිරිස්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මඩකලපුව පොලිස් ස්ථානය සමඟ එක්ව සිංහල - දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 30 (ඉරිදා) දින මඩකලපුව නගරයේ වෙබර් ක්‍රීඩාංගනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.
17 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පොහෝ දින වෙනුවෙන් සිසිල් බීම දන්සැලක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 17 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එල්.ඒ.එම්.එල්.ඩබ්ලිව් බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ වෙසක් පොහෝ දිනය (මැයි 05) වෙනුවෙන් එදින උදෑසන නැදුන්කර්නි - මුල්ලියාවේලී ප්‍රධාන මාර්ගයේ තණ්ඩුවන් හන්දිය අසල සිසිල් බීම දන්සැලක් පවත්වනු ලැබීය.
552 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ‘පාද යාත්‍රාවේ’ යෙදෙන බැතිමතුන් වෙත ආගන්තුක සත්කාර

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 552 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (09) දින අලිමංකඩ ප්‍රදේශය පසුකරමින් ‘කතරගම පාද යාත්‍රාවේ’ යෙදෙන බැතිමතුන් වෙත ආහාරපාන සහ වෛද්‍ය ප්‍රතිකාර පිරිනමන ලදී.
බටහිර භටපිරිස් , පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ අවහිරතා ඉවත් කරයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් පනන්වල නගරය අසල පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ වැටී තිබූ විශාල ‘නුග’ ගසක් ඉවත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 14 පාබල සේනාංකයේ 141 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී කටයුතු කළහ.
64 පාබල සේනාංකය වෙසක් පොහෝ දිනය වෙනුවෙන් වෙසක් කලාපයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් නගරයේ අලංකාරවත් වෙසක් කලාපයක් සංවිධානය කර තිබූ අතර, එම වෙසක් කලාපය 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් වෙසක් පොහෝ දින (05) විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.
231 බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 වන පාබල සේනාංකයේ සහ 231 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව මඩකලපුව, ‘Little Sisters of the Poor Elders’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා පසුගිය සඳුදා (08) දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසල වෙසක් උත්සවය සමරයි

වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඹ් ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (05) දින එම පුහුණු පාසල් පරිශ්‍රය තුළ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.