68 පාබල සේනාංකය පොසොන් දිනයට සමගාමීව දන්සලක් පවත්වයි
8th June 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් 68 පාබල සේනාංකයේ භටපිරිස් පොසොන් පොහොය දිනය නිමිත්තෙන් (ජුනි 03 සහ 04) පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ‘බත්‘ දන්සලක් සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් සහභාගී වූහ.
විචිත්‍රවත් පොසොන් පහන් කූඩු සහ සැරසිලි නැරඹීමට පැමිණ සිටි සිවිල් ජනතාවට අතුරුපස ලෙස අයිස්ක්‍රීම් ද බෙදා දෙන ලදී. පොසොන් උත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මාර්ගෝපදේශ ලබා දුන් අතර, එම අවස්ථාව සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති සමගින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ කනකේෂ්වරන් මහතා සහභාගී වූහ. තවද, 68 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.