562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ස්වයං රැකියා ඇරඹීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
20th May 2023
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් පුළුවල් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ සහ 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ස්වයං රැකියා අවස්ථා හඳුනාගැනීම පිළිබඳ වවුනියාව, මරවන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (14) දින මරවන්කුලම් රජයේ දමිළ විද්‍යාලයේදී පැවැත්විණි.
මරවන්කුලම් වැඩිහිටි සමිතියේ සභාපතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ. ජයසේකර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
හිමංසා පදනමේ සභාපතිනි තුසාරි මුතුමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ඉටිපන්දම්, රෙදි පැදුරු, පහන් තිර, හඳුන්කූරු සහ ලාම්පු නිෂ්පාදනය කිරීම පිළිබඳ දැනුවත් කෙරිණි. මීට සමගාමීව පැවති තවත් දේශනයකදී 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විිසන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳ දැනුවත් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර 562 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මරවන්කුලම් සංවර්ධන නිලධාරි, ග්‍රාම සමිතිවල ප්‍රධාන සාමාජිකන් සහ ගම්වැසියන් පිරිසක් ද මෙම සැසිය සඳහා සහභාගී වූහ.