සිවිල් ක්‍රියාකාරකම්

Clear

14 ගජබා රෙජිමේන්තුවෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-08-27

යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකළ නව නිවස, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු 26 වන දින බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.


51 පාබල සේනාංක මුලස්ථානයෙන් වෛද්‍ය සායනයක් සහ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2024-08-27

51 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල ළමුන් සඳහා 2024 අගෝස්තු 26 වන දින වෛද්‍ය සායනයක් එම සේනාංක පරිශ්‍රයේ පිහිටි CIMIC උද්‍යානයේදී පවත්වන ලදී.


22 පාබල සේනාංකය රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරයි

2024-08-27

යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ, 2024 අගෝස්තු 24 වන දින රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.


18 ගැමුණු හේවා බළකායෙන් පිරිසිදු කිරිමේ වැඩසටහන්

2024-08-27

රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 121 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්වීම සහ 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී තුමාගේ අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් කතරගම වතුරුවාවිල රජමහා විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල SOS ළමා සංවර්ධන පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.


12 වන පාබල සේනාංකය සරණ අන්ධ වැඩිහිටි නිවාසය ප්‍රතිසංස්කරණය කරයි

2024-08-27

මේජර් ජෙනරාල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති භට පිරිස් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දෙහිගස්ලන්ද අම්බලන්තොට සරණ අන්ධ වැඩිහිටි නිවාස ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරන ලදී.


6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරයි

2024-08-22

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 20 දින පවරා දෙන ලදී.


55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් සහ පාසල් උපකරණ බෙදාදීමක්

2024-08-11

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව් .ඩබ්ලිව්. ඩබ්ලිව් .එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ නායකත්වය යටතේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම මත කිලිනොච්චියේ පුනරින් ජයපුරම් පාසලේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 2024 අගෝස්තු මස 10 දින පවත්වන ලදී. 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී වෙලගෙදර යූඑස්පී අයිජී අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සහය දක්වන ලදී.


11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව පොකුණුගල විහාරස්ථානයට දහවල් දානය පිරිනමයි

2024-08-04

241 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී උපදෙස් පරිදි 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි මේජර් කේ.එස්.කේ. කරුණානායක උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ඒම ඒකකයේ භට පිරිස් විසින් පොකුණුගල විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් 2024. ජූලි මස 30 දින දවල් දානය පිරිනැමිමේ පිංකමක් සංවිධානය කරන ලදි.


මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී

2024-08-02

මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරු සහ එය වැළැක්වීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජූලි 31 දින කාතන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ශ්‍රී මහා බෝධියේ වාර්ෂික පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය

2024-07-30

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.