සිවිල් ක්‍රියාකාරකම්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යාල ජාතික වනෝද්‍යාන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරයි

රටේ විශාලතම ජාතික වනාන්තරවලින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 130,000 කට වඩා පැතිරී ඇති අතර, මහජනතාවට වනාතරය වෙත ප්‍රවේශ වීමට කලාප දෙකකින් සමන්විතය.
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වේයන්ගොඩ ප්‍රදේශයේ වැටී තිබූ ගසක් ඉවත් කරයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් කඩා වැටී තිබූ ගසක් 2024 මැයි මස 24 දින 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ඩී.ඊ.එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කඩිනමින් ඉවත් කරන ලදී.
553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාව කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහල සමඟ එක්ව තර්මපුරම් ප්‍රාදේශිය රෝහලේ දී 2024 මැයි මස 18 දින රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් වෙසක් උත්සවයට සමගාමීව පවත්වන ලදී.
541 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්

54 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
511 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 35 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් පාපන්දු තරඟාවලියක්

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හමීදියා ක්‍රීඩා සමාජය සමඟ ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 8 සිට 11 දින දක්වා මොල්ලිපොතාන හමීදියා ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගක්

8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් යාපනයේ 773 නව නිවස ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බළසේනා බළප්‍රදේශයේ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කැනඩාවේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව තම්බියාපුලම් අල්වායි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරන ලදී
මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගත් මලල ක්‍රීඩිකාවක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් ඇගයීමට
