ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කරයි

10th June 2023

ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 47 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සමුද්‍රීය සම්පත් සංරක්‍ෂණය කරගැනීමේ වැදගත්කම පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.