සිවිල් ක්‍රියාකාරකම්

Clear

1 බලකායේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් බත් දන්සලක් සහ වෙසක් කූඩු තරඟයක් සංවිධානය කරයි

2023-05-09

කිලිනොච්චියේ ස්ථාපිත 1 බලකාය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් (මැයි 5) දින ‘බත්’ දන්සලක් සංවිධානය කරනු ලැබු අතර, ඒ සඳහා ඉරණමඩු සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් සහභාගී වූහ.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශන පිංකමක්

2023-05-09

වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යුද්ධ හමුදා භටපිරිස්, යුද්ධ හමුදා බෞද්ධ සංගමය සහ ‘ශ්‍රී සමන් මෙත් සංසදය’ එක්ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් සහ බුදුන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පසුගිය 5 සහ 6 දෙදින තුල පවත්වනු ලැබීය.


වෙසක් උත්සවය වෙනුවෙන් 55 වන පාබල සේනාංකයෙන් වැඩසටහන් මාලාවක්

2023-05-09

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී උපදෙස් මත එම සේනාංක මූලස්ථානයේ උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි මූලිකත්වයෙන් වෙසක් පුන් පොහෝ දින දන්සැලක් සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්

2023-05-08

වෙසක් පුන් පොහෝ දින (05) වෙසක් අසිරිය නැරඹීම සඳහා සංචාරයේ නිරත වැලිකන්ද, මොණරතැන්න, සිංහපුර, මනම්පිටිය සහ බෝවත්ත යන ප්‍රදේශවල සිවිල් වැසියන් 3000 ක් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් දැවැන්ත දන්සැලක් සංවිධානය කරනු ලැබීය.


මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් සරණ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පහසුකම් සලසයි

2023-05-08

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් පසුගිය සෙනසුරාදා (6) දින සඳුන්පුර සරණ වැඩිහිටි නිවාසයේදී පුණ්‍යමය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


53 පාබල සේනාංකයේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-05-08

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රධාන රෝහල්වල රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් 53 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 167 දෙනෙක්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ ගලේවෙල ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව මැයි මස 04 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක්

2023-05-08

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික අපහසුකා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් 211 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා (6) දින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.


විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී වර්ණවත් වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වේ

2023-05-08

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එන්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස් මැයි මස 5 දින සිට 7 දින දක්වා කාලය තුළ බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී වර්ණවත් වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.


ගංවතුර උවදුරෙන් විපතට පත් ජනතාවට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පිසූ ආහාර පාර්සල්

2023-05-08

මීගමුව කටුවාපිටිය සහ සෙල්ලකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සිකුරාදා (5) දින ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුකළ මුදවාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුව 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් ගංවතුර උවදුරෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් 400 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.


වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ වෙසක් තොරණ ඉදිකිරීමට 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දායකත්වය

2023-05-08

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ වෙසක් තොරණ සහ වෙසක් කලාපය ඉදිකිරීම සඳහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.