6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වේයන්ගොඩ ප්‍රදේශයේ වැටී තිබූ ගසක් ඉවත් කරයි
29th May 2024
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් කඩා වැටී තිබූ ගසක් 2024 මැයි මස 24 දින 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ඩී.ඊ.එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කඩිනමින් ඉවත් කරන ලදී.
භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී මාර්ගය යළි රථවාහන ධාවනයට සුදුසු පිරිදි පිළිසකර කරන ලදී.