ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
19th July 2024
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් පාසලේ ස්වභාවික සුන්දරත්වයට හානිවන කවර, ප්ලාස්ටික් බෝතල් සහ පොලිතීන් ඉවත් කිරීම සිදුකල අතර, එම බලකාය විසින් සිදුකරන ලද ප්‍රජා වැඩසටහන පාසලේ කාර්ය මණ්ඩලය විසින් අගය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.