61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගක්
2nd February 2024
8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය. සියැට් සමූහ ව්‍යාපාරය මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් අතර, උත්සව කටයුතු අවසානයේදී පාසල් ළමුන් සඳහා දිවා ආහාරයද පිරිනැමිණි. එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහයෝගය ඇතිව අදාල පාසල් ළමුන් තෝරා ගැනීම සිදුකරන ලදී.
උත්සව අවස්ථාවට 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියැට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඩ්ලානි මහතා සහ එම කාර්යය මණ්ඩලය සහභාගී වූහ.