541 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්
29th February 2024
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
මාන්තෙයි දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ක්‍රීඩා සමාජයන් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පිඑස්සී සහභාගී විය.
මෙම තරඟාවලිය සඳහා පෙරියමඩු අයිඩා ක්‍රිඩා සමාජය සහ එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිමිවූහ. මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීම තුළින් ප්‍රජාවගේ සහභාගීත්වය සහ ක්‍රීඩා සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය මනාව පිළිබිඹු කරයි. මෙම තරඟාවලිය නැරඹීම සඳහා 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ගම්වාසීන් 800 කට අධික පිරිසක් සහභාගී වූහ.