සිවිල් ක්‍රියාකාරකම්

Clear

18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2024-10-14

ලෝක ළමා දිනයට සමගාමීව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 01 දින පණ්ඩිරිප්පු ‘Vision Hope’ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


විශේෂ බලකායේ මූලිකත්වයෙන් කොහොනාවල ප්‍රදේශයේ නව බස් නැවතුම්පොළක් ඉඳිකෙරේ

2024-10-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් කොහොනාවල ප්‍රදේශයේ ඒ 9 මාර්ගයට යාබදව ඉදිකරනු ලැබූ බස් නැවතුම්පොළ 2024 ඔක්තෝම්බර් මස 09 දින විවෘත කෙරිණි.


75 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් 11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-10-10

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.


පනාගොඩ විරු කැකුළු පෙර පාසලේදී ලෝක ළමා දිනය සමරයි

2024-10-10

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින විශේෂ උත්සවයක් පැවැත්විණි.


512 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-10-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් 512 පාබල බලසේනාව විසින් 2024 ඔක්තෝබර් මස 4 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-10-09

12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඊරාලක්කුලම්, සිත්තංඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 07 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.


212 පාබල බලසේනාව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-10-05

212 පාබල බලසේනාව විසින් 2024 සැප්තැම්බර් මස 30 දින ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ පළාත් පාලන ආයතන එක්ව බසවක්කුලම ජලාශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-10-05

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්, ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ නගර සභා නිලධාරීන් සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මස 30 දින, අනුරාධපුර, බසවක්කුලම ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-09-30

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-09-29

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.