සිවිල් ක්‍රියාකාරකම්
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගංවතුරින් අවතැන් වූවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලයි

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 29 දින ගංවතුරින් අවතැන් වූවන් රඳවා සිටින කළුගහතැන්න විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රැඳවූම් මධ්‍යස්ථානයේ සහ රිදීගම හා කළුගහතැන්න ප්‍රදේශවල නායයෑමෙන් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
12 පාබල සේනාංකයේ භටපිරිස් ගොඩවාය කලපුවේ මෝය කට ඛාදනය වීම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ භටපිරිස් සමඟින් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම එක්ව 2024 නොවැම්බර් මස 28 සහ 29 දෙදින තුළ අම්බලන්තොට, ගොඩවාය කලපුවේ මෝය කට ඛාදනය වීම වැළැක්වීමට කටයුතු කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් බැටරි සහ බල්බ සහිත සූර්ය පැනල පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 29 දින එම ඒකක මූලස්ථානයේදී මුතියන්කඩ්ඩු සහ මාන්කුලම් ප්‍රදේශවාසීන් වෙත බැටරි සහ බල්බ සහිත සූර්ය පැනල බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මරදන්මඩුව වැවෙහි වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ කපුගොල්ලෑව, මරදන්මඩුව වැවෙහි වැව්බැම්ම වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 28 දින 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් කැඩීගිය වාහල්කඩ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින අනුරාධපුර, වාහල්කඩ වැවෙහි ඩී - 4 ඇළ බැම්ම කැඩීයාම හේතුවෙන් වාහල්කඩ ඩී - 4 ප්‍රදේශවාසී ගම්වාසීන්ගේ නිවාස සහ ගොවිබිම් ආපදාවට ලක්විය.
යුද්ධ හමුදා භටපිරිස් සිතුමිණියාකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ 2024 නොවැම්බර් මස 26 දින මන්නාරම දිස්ත්‍රික්කයේ සිතුමිණියාකුලම් වැව් බැම්මේ කොටසක් කඩා වැටී කූරායි ගම්මානය ගංවතුර තර්ජනයට ලක්විය.
10 (ස්චෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායෙන් රුක් රෝපණ වැඩසටහනක්

541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්චෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 09 දින සිරිනාතකුලම් හන්දියේ සිට තිරුකේතිෂ්වරම් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක් සිදුකරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ සාම්ප්‍රදායික කඨින පූජෝත්සවය පවත්වයි

ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන්ගේ මඟපෙන්වීම මත යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ සාම්ප්‍රදායික කඨින පූජෝත්සවය 51 පාබල සේනාංකයේ සහයෝගය මත 2024 ඔක්තෝම්බර් මස 26 සහ 27 දෙදින තුළ පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් විවෘත කෙරේ

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මාතර තුඩාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 23 දින පැවැත්විණි.
75 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාවෙන් නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යපෘතියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර, තිසාවැව බටහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර දෙන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 දින නිවාස ලාභීන් වෙත පවරා දෙනු ලැබීය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භඨකාර්ය සම්පාදන ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් පීටීඑස්සී ගේ මගපෙන්වීම මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.එස්.ජේ බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.