ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යාල ජාතික වනෝද්‍යාන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරයි
14th July 2024
රටේ විශාලතම ජාතික වනාන්තරවලින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 130,000 කට වඩා පැතිරී ඇති අතර, මහජනතාවට වනාතරය වෙත ප්‍රවේශ වීමට කලාප දෙකකින් සමන්විතය.
2023 වර්ෂ අවසානයේ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ යාල උද්‍යානයේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට වනජීවී අධ්‍යක්‍ෂක ජනරාල්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සහාය ඉල්ලන ලදී. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම කාර්යය සඳහා යුද්ධ හමුදාවේ යන්ත්‍රෝපකරණ සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ජනවාරි මස 05 දින ආරම්භ කර 2024 ජුනි මස 19 දින අවසන් කරන ලදී. යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වනජීවී බලධාරීන්ගේ සහ හෝටල් හිමියන්ගේ ඉමහත් ඇගයීමට ලක් විය.