මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගත් මලල ක්‍රීඩිකාවක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් ඇගයීමට
28th December 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ සිවිල් - හමුදා සබඳතා වැඩි දියුණු කරමින් පසුගිය නත්තල් දින (දෙසැම්බර් මස 25) මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගත් 71 හැවිරිදි මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංවි අකිලා තිරුනායකී මහත්මිය ඇගයීමට ලක් කරමින් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.
පසුගියදා පිලිපීනයේ පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වූ අකිලා තිරුනායක මහත්මිය එහිදී, මීටර් 1500, 5000 සහ 800 ඉසව්වලින් රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත්හ.
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වූ ඇය ක්‍රීඩා පාවහන් නොමැතිව තරඟයන් සඳහා සහභාගී වී ඇත. මෙම ධෛර්ය සම්පන්න ක්‍රීඩිකාව සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක හයවැන්නා වේ. විශ්‍රාම යාමට පෙර බන්ධනාගාර නිලධාරිනියක් ලෙස කටයුතු කල ඇය මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරඟාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මෙම ක්‍රීඩිකාවගේ නවතම ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව ඇයවෙත දිරිගැන්වීමක් වශයෙන් රුපියල් 50,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී. එහිදී ඇය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 59 පාබල සේනාංකය සහ 591 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් 15 ක් ද බෙදා දෙන ලදී.
උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි වූහ.