511 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා භෝජන සංග්‍රහයක්
18th February 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 35 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
511 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලසේනාවේ සහ 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එම අවස්ථාවට යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.