සිවිල් ක්‍රියාකාරකම්
11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බක්මහ උළෙලක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (11) දින පල්ලෙකැලේ 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා කඳවුරු පරිශ්‍රයේදී 11 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ එක්ව ‘බක්මහ උළෙල’ පවත්වන ලදී.
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් ඉකුත් අප්‍රේල් 10 දින සංවිධානය කරන ලදී.
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අලුත් අවුරුදු උත්සවය සමරයි

දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් එක්ව අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම කඳවුරු පරිශ්‍රය තුළ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘බක්මහ උළෙලක්’ පවත්වනු ලැබීය.
231 වන පාබල බලසේනාවේ භටපිරිස් කෙවිලියාමඩු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය නවීකරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 231 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමක් මත නවීකරණය කරන ලද ත්‍රිකුණාමලය, කෙවිලියාමඩු ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය පසුගිය සිකුරාදා (07) දින එම බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් පවත්වනු ලබන වාර්ෂික සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පසුගිය ඉරිදා (09) දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙත ත්‍යාග පිරිනමයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 25 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා (11) දින ත්‍යාග ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් සංගුපිඩ්ඩි පාලම අවට ප්‍රදේශය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 523 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් මූලිකත්වයෙන් සංගුපිඩ්ඩි පාලම අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබූහ.
52 වන පාබල සේනාංකය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පසුගිය සෙනසුරාදා (8) දින පවත්වන ලද අතර, ඒ සඳහා සම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් වූහ.
3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංවත්සර දිනය නිමිත්තෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 32 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර ‘රියන්සි අලගියවන්න’ පාසලෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රනීත දිවා ආහාර වේලක් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය තොගයක් මාර්තු මස 22 වන දින පිරිනමන ලදී.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවුරුදු උත්සව මාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (06) දින අවුරුදු උත්සවයක් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.