යුද්ධ හමුදා භටපිරිස් සංගුපිඩ්ඩි පාලම අවට ප්‍රදේශය පිරිසිදු කරයි
12th April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 523 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් මූලිකත්වයෙන් සංගුපිඩ්ඩි පාලම අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබූහ.
11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ජී.සී.කේ කුඩාගමගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දායකත්වය දැක්වූහ.
මෙම වැඩසටහන මේජර් කේ.ජී.සී.කේ කුඩාගමගේ සහ 112 බලඝණයේ නිලධාරී අණදෙන කපිතන් ජාලිය ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.