231 වන පාබල බලසේනාවේ භටපිරිස් කෙවිලියාමඩු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය නවීකරණය කරයි
17th April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 231 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමක් මත නවීකරණය කරන ලද ත්‍රිකුණාමලය, කෙවිලියාමඩු ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය පසුගිය සිකුරාදා (07) දින එම බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
‘අපි මනුස්සයෝ’ පදනමේ සංවිධායක තනෝජ් බියගම සහ නදීර කහපිටිය යන මහත්වරුන් මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන්හ.
231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලයේ නවීකරණ කටයුතු සිදු කරන ලදී.
උත්සව අවස්ථාව අවසන් වීමෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර, 23 වන පාබල සේනාංක බලප්‍රදේශය තුල ශාරීරික දුබලතා සහිත ආබාධිත පුද්ගලයින් 4 දෙනෙකු සඳහා රෝද පුටු 4 ක් ද ප්‍රදානය කෙරිණි.
උත්සව අවස්ථාව සඳහා 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, එම ඒකකයේ භටපිරිස්, පඩිප්පලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොහොබගස්තලාව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සහ ගැබිණි මව්වරුන් පිරිසක් ද සහභාගී වූහ.