සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ කොත තැන්පත් කෙරේ

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (27) දින පැවැත්විණි.
144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්

අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගියදා කඩාවැටුණු බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ අඩි 60 ක් දිගැති අඩි 20 ක් උස රැඳවුම් බැම්මක එක් පැතිකඩක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 144 පාබල බලසේනාවේ අධීක්‍ෂණය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

18 ගැමුණු හේවා බළකාය වෙතින් අප්‍රේල් මස 20 දින වෙල්ලස්ස සුභාග්‍යා විද්‍යාල පරිශ්‍රයේදී විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
581 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

1 වන බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 581 පාබල බලසේනාවේ භටපිරිස් හැටන් දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් අප්‍රේල් මස 25 දින සංවිධානය කරනු ලැබීය.
11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පරිත්‍යාග වැඩසටහනක් දියත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 සේනාංකයට අයත් 663 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 21) දින කිලිනොච්චිය දොන් බොස්කෝ පෙරපාසල් පරිශ්‍රයේදී එහි සිසු සිසුවියන් වෙත කෙටි ආහාර පිරිනැමීමූහ. එමෙන්ම, කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව ජල පිරිපහදු ඒකකය ද මීට සමගාමීව විවෘත කරනු ලැබීය.
11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ගර්භනී කාන්තාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංක මුලස්ථානය වෙතින් පසුගිය බදාදා (19) දින මහනුවර ජාතික රෝහලේ ගර්භනී කාන්තාවන් 200 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කරයි

අප්‍රේල් මස 22 දිනට යෙදෙන මිහිතල දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරනු ලැබීය.
වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සුමදුර ධර්ම දේශනාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නාවික, ගුවන් හමුදා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ’ වැඩසටහන සඳහා බෙලිහුල්ඔය භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති බලංගොඩ රාධ හිමියන් විසින් පසුගිය සඳුදා (24) දින ධර්ම දේශනාවක් සිදුකරනු ලැබීය.
1 බලකායේ භටපිරිස් ඉෆ්තාර්’ උත්සවය සමරයි

1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්. යූ. එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි සහ එම බලකායේ සියලුම නිලයන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (21) දින කිලිනොච්චියේ මුස්ලිම් ජනතාව සමග කිලිනොච්චියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඔවුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවයට සහභාගී වූහ.
681 පාබල බලසේනාවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ට අවුරුදු ත්‍යාග

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම බලසේනාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 11 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.