11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බක්මහ උළෙලක් සංවිධානය කරයි
18th April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (11) දින පල්ලෙකැලේ 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා කඳවුරු පරිශ්‍රයේදී 11 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ එක්ව ‘බක්මහ උළෙල’ පවත්වන ලදී.
සම්ප්‍රදායික ක්‍රීඩා ඉසව්වන්ගෙන් වර්ණවත් වූ මෙම බක්මහ උළෙල කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම ඇතුළු තවත් ජන ක්‍රීඩා රැසකින් සමන්විත විය.
අවුරුදු තරඟ සහ ජන ක්‍රීඩා ඉසව්වල ජයග්‍රාහකයින් වෙත මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී
‘බක්මහ උළෙල’ සඳහා 11 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.