සිවිල් ක්‍රියාකාරකම්
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් ඒම මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (06) දින වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්වය ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූහ.
593 පාබල බලසේනාවෙන් සිවිල් වැසියන් සඳහා නව ජල පවිත්‍රාගාරයක්

ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පාලනය වන 59 පාබල සේනාංකයේ 593 පාබල බලසේනාවේ භටපිරිස් හමුදා සිවිල් සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් 593 පාබල සේනාංක පිවිසුම අසල නව ජල පිරිපහදු ඒකකයක් ස්ථාපිත කරන ලදී.
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

උදාවන්නා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් 200ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින කොහොඹගස් හන්දිය 19 වන ගැමුණු හේවා බලඇණි කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 241 වන පාබල බලසේනා බලප්‍රදේශයට අයත් 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ...
4 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වයි

දඹුල්ල මූලික රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම රෝහල් පරිශ්‍රය තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය සිකුරාදා (7) දින පවත්වනු ලැබීය.
1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ‘හරිත නියමුවෝ’ වැඩසටහනට දායකත්වය ලබදෙයි

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සහ වයඹ පුහුණු ආයතනය සමගින් එක්ව ලෝක ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ අනාගත පරපුර ඊට දායක කිරීමේ අරමුණින් පාසල් සිසුවියන් දිරිමත් කිරීම සඳහා සංවිධානය කරන ලද ‘හරිත නියමුවෝ’ යන තේමාව යටතේ කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව හැකියාව සංවර්ධන කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (01) දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කණ්ඩවාලෙයි ප්‍රදේශයේ පාසල් සිසුන් 130 දෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ 572 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කිලිනොච්චිය, කණ්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් හතක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 130 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2023 මාර්තු මස 30 වන දින පවත්වන ලදී.
211 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 211 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මැදවච්චිය, ළිඳවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 8,000.00 බැගින් වූ වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (5) ළිඳවැව දුම්මින්නේගම ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.
52 වන සේනාංක භටපිරිස් උතුරු එළුතුමඩුවාල් ශ්‍රී ඝානදුර්ගා අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

52 වන පාබල සේනාංකයේ භටපිරිස් වෙත උතුරු එළුතුමඩුවාල් ශ්‍රී ඝානදුර්ගා අම්මාන් කෝවිලේ හින්දු පූජකතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අප්‍රේල් මස මුලදී පැවැත්වීමට නියමිත පූජා උත්සවයන්ට පෙර එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් මහ සිකුරාදා දිනට සමගාමීව යාඥා මෙහෙයක්

එළඹෙන මහ සිකුරාදා දින සහ පාස්කු ඉරුදින සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ‘ශාන්ත ජෝන් ඩාල් බොස්ටෝන්’ (St. John Dal Bastone ) දේවස්ථානයේදී ක්‍රිස්තුස් වහන්සේ වෙත ‘පාද නමස්කාරය සහ කොමිසන් කිරීම’ පිළිබිඹු කරන යාඥා මෙහෙයක් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (04) දින පවත්වනු ලැබූහ.