සිවිල් ක්‍රියාකාරකම්

Clear

රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට ආසේමු - බටහිර භටපිරිස්වල සහයෝගය

2023-03-09

රෝහල්වල සුළු සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩපණවූ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 සහ 61 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් බදාදා (08) දින සහයෝගය ලබාදුන්නේය.


යුද්ධ හමුදා භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ පවුල් සඳහා පොල් පැළ බෙදාදෙයි

2023-03-03

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයේ 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි, නාවච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පවුල් 50 ක් අතර පොල් පැළ 250ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (01) දින 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.


යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට යුද්ධ හමුදාවෙන් නව නිවසක්

2023-03-03

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම, ශ්‍රම දායකත්වය ලබාදෙමින් දානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පේදුරුතුඩුව තුම්පලෙයි (ඊ) ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් ‘දෙමාපියන්ගේ දිනය’ උත්කර්ෂවත් අයුරින් සමරයි

2023-03-02

දෙමවුපිය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනේදී ඔවුන්ගේ සැඟවුණු කුසලතා, පුහුණු කළ කුසලතා සහ නායකත්ව ගුණාංගවල ප්‍රගතිය සිය දෙමාපියන් ඉදිරියේ විදහාදැක්වීය.


මුලතිව් පාසල් සිසුන් 200 දෙනෙකුට යුද්ධ හමුදාවෙන් පාසල් උපකරණ

2023-03-02

59 පාබල බලසේනාව සහ 593 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව චෙම්මලෙයි දෙමළ පාසල සහ කෝකිලායි සිංහල පාසලේ ඉගෙනුම ලබන සිසුන් 200 දෙනෙකු සඳහා ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින පාසල් උපකරණ බෙදා දෙන ලදී.


උඩුපිල ප්‍රදේශීය රෝහලේ රෝගීන් 100 දෙනෙකුට 8 ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් දිවා ආහාර

2023-03-02

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 141 වන පාබල බලසේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින උඩුපිල ප්‍රාදේශීය රෝහල් සංකීර්ණය අවට පරිසරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් දියත් කර එහි මාතෘ සායනයට පැමිණි ගැබිණි මව්වරුන් ඇතුළු නේවාසික රෝගීන් 100 දෙනෙකු සඳහා දිවා ආහාර වේලක් ලබා දෙන ලබාදුන්හ.


මැනිං ටවුන් පිහිටි ‘විරු කැකුළු’ පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක්

2023-03-01

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් මැනිං ටවුන්හි පවත්වාගෙන යනු ලබන ලබන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම සමඟ එක්ව ජංගම දන්ත වෛද්‍ය සායනයක් පෙබරවාරි 28 (අඟහරුවාදා) දින පවත්වනු ලැබීය.


593 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාගයක්

2023-03-01

ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වර්ෂ 1975 – 1980 යන කාලයන් තුලදී කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි විද්‍යාලයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පෙබරවාරි 27 වන දින පවත්වනු ලැබීය.


211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2023-02-28

ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයට අයත් 211 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් (The Spirit of Giving) සංගමයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, පඩිග්ගම, අ/ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ ඇසුරුම් 64ක් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (25) දින පවත්වනු ලැබීය.


221 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

2023-02-28

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංක මූලස්ථානයේ 221 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් එංගලන්තයේ ‘චෙස්නට් පදනමේ’ (Chesnut Foundation ) මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (27) දින පවත්වනු ලැබීය.