සිවිල් ක්‍රියාකාරකම්

Clear

11 වන පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

2023-04-04

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ භටපිරිස් එක්සත් ජනපදයේ ‘State Island Buddhist Centre’ මධ්‍යස්ථානයේ පූජ්‍ය කුඹල්ඔළුවේ විමලජෝති හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත රුපියල් මිලියන 3 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පරිගණක බෙදාදීමේ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

2023-04-04

අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කපුගම ධම්මවංශ හිමිපාණන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික...


ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 11 පාබල සේනාංකය එක්ව ආගමික වැඩසටහනක් පවත්වයි

2023-04-04

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ඒකාබද්ධව මාර්තු මස 30 සහ 31 දෙදින තුළ මහියංගන රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීය.


අබලන්ව පැවති පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට යුද්ධ හමුදා භඨපිරිස්හි දායකත්වය

2023-04-02

යුද්ධ හමුදාවේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය මත 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගිරිඋල්ල, මැද්දේපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 28 දින පැවති කෙටි උත්සවයකදී පාසල් බලධාරින් වෙත පවරාදුන්හ.


බස් රථයක් තුළ රෝගාතුර වූ කතකගේ ජීවිතය යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් බේරාගැනේ

2023-04-01

සොල්දාදුවෙකු සතු බහුවිධ හැකියාවන් සහ වෘත්තීය ප්‍රවීණත්වය පිළිබිඹු කරමින් පසුගිය සිකුරාදා (මාර්තු මස 24) දින පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය පොදු ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක ගමන්ගත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි මගියෙකුගේ ජීවිතය බේරාගැනීමට යුද්ධ හමුදා නිලධාරියෙකු සමත්විය.


ගර්භනී මාතාවන් වෙත යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

2023-04-01

ඇමෙරිකාවේ වැඩවසන පූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත හිමිපාණන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ දායකයින් පිරිසක්, යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය සහ දායකත්වය මත කිරිඉබ්බන්වැව, නිකවැව, ඇහැටුගස්වැව, නව ගජබාපුර, නව මොණරවැව, ජනකපුර සහ හැලඹවැව යන ගම්මානවල පදිංචි ගර්භනී මාතාවන් වෙත පසුගිය අඟහරුවාදා (මාර්තු මස 28) දින කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේදී වියළි ආහාර සලාක පාර්සල් 40 ක් බෙදාදීමෙි ‍‍‍‍වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


242 වන පාබල බලසේනාවේ භටපිරිස් පොතුවිල් සිංහල විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

2023-04-01

පොතුවිල් සිංහල විද්‍යාලයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයට අයත් 242 වන පාබල බලසේනාවේ භටපිරිස් එම විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 27 වන දින පැවති උත්සවයකදී පාසල් සිසුන් වෙත පවරාදුන්හ.


144 වන පාබල බලසේනාවේ භටපිරිස් කඩා වැටී තිබූ ගසක් ඉවත්කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරයි

2023-04-01

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දෙසට ගමන්ගන්නා මාර්ගයේ පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පස්වරුවේ කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින් සිය දායකත්වය ලබාදුන්හ.


52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පෙර පාසල් ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක්

2023-04-01

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ‘විරුදරු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.


7 වන සන්නද්ධ බුද්ධි බලකායේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි ආහාර සළාක පරිත්‍යාගයක්

2023-03-29

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය සහ 222 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් සේරුනුවර, තෝපූර් සහ කිලිවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 25 ක් අතර රුපියල් 4000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 25 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (මාර්තු 25) දින සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පරිශ්‍රයේදී දියත් කරන ලදී.