සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මාතර ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

613 වන පාබල බලසේනාවේ භටපිරිස් 3 වන (ස්වෙච්ඡා) සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සමඟ එක්ව මාතර දෙලිකන්ද වෙරළ තීරය සහ නිල්වලා ගං මෝය ආශ්‍රිතව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
111 වන පාබල බලසේනාවේ භටපිරිස් වේළුවන ආරණ්‍ය සේනාසනයේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයට අයත් 111 වන පාබල බලසේනා බලප්‍රදේයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අම්පිටිය, වේළුවන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි එම විහාරස්ථාන පරිශ්‍රයේ උණ පැළ 100 ක් සිටුවීමේ ව්‍යාපෘතියකට ඉකුත් සදුදා (27) දින සිය දායකත්වය ලබාදුන්හ.
553 වන පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘Help and Helper Foundation’ පදනමේ අනුග්‍රාහකත්වය මත යාපනය අර්ධද්වීපයේ මරුතන්කේනි ප්‍රදේශයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පාර්සල් 38 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට මූල්‍යධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 46 දෙනෙකු වෙත රුපියල් මිලියන 3ක් වටිනා මුල්‍ය ප්‍රදානයන් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ...
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රමුඛ සිය පවුලේ සාමාජිකයන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ, මදුරන්කේනිකුලම් පාසලේ සහ කිරිමිච්චිඔඩෙයි පාසලේ සිසු සිසුවියන් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
රෝහල්වල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අඩාල වී තිබූ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින දිවයින පුරා පිහිටි රෝහල් සහ අනෙකුත් පොදු ස්ථානයන්හි සිදුකරනු ලබන සෞඛ්‍ය සේවා සඳහා යොදවන ලදී. ඒ අනුව, 61 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 612 වන පාබල බලසේනාවට අනුයුක්ත 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භටපිරිස් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හොරණ දිස්ත්‍රික් රෝහල සහ පානදුර මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
653 වන පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන පාබල සේනාංකයට අයත් 653 වන පාබල බලසේනාවේ භටපිරිස් පෙරියමඩු මුස්ලිම් පාසල සහ තච්චන්මරදමඩු රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන 6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ පාර්සක් 150 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින පෙරියමඩු මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
513 වන පාබල බලසේනාවෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ

51 වන පාබල සේනාංකයට අයත් 513 වන පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් යාපනය ප්‍රදේශයේ ශ්‍රී මුරුගන් පදනමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසු සිසුවියන් 194 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (12) දින ක්‍රියාත්මක කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී මුරුගන් පදනමේ සභාපති ආර් සුරේෂ් මහතා විසින් පාසල් සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව පරිත්‍යාගශීලී පදනම දැනුවත් කිරීමෙන් අනතුරුව එම පදනමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය යටතේ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ගේ සම්බන්ධීකරණයෙන් සහ 513 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රිස්වි රාසික් ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කරන ලදී. 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්දන කාරියවසම් ඇතුළු එම ඒකකයේ භටපිරිස් විසින් 513 වන පාබල බලසේනා බල ප්‍රදේශයේ පිහිටි හින්දු විද්‍යාල පරිශ්‍රයේ පැවැති පරිත්‍යාග වැඩසටහනේදී ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙත එම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.
3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් පාසල් සිසුන් දෙදෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාගයක්

613 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් දෙදෙනෙකු වෙත පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 2023 මාර්තු මස 10 දින පරිත්‍යාග කරනු ලැබීය. හොරගොඩ නවෝද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙලිජ්ජවිල, හොරගොඩ, ආඳාදොල ප්‍රදේශයේ වෙසෙන එම සිසුන් වෙනුවෙන් මාතර ලක්සිරි ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගම ලබාදුන් අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් නායකත්ව වැඩමුළුවක්

වැලිකඩ හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (මාර්තු මස 08) දින එම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 25 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්වය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එම පාසලේ ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, අභියෝගවලට මුහුණ දීම, විනයගරුකව සිය දක්‍ෂතා සහ කුසලතා වර්ධනය කරවීම අරමුණු කරගනිමින් මෙම නායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මඟපෙන්වීම සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න සහ 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු අධීක්‍ෂණය මත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.