සිවිල් ක්‍රියාකාරකම්

Clear

221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

2023-05-07

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 5 දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි විද්‍යාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.


144 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2023-05-07

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත මුල්ලේරියාව, අඹතලේ ටිකිරි කුමාර විද්‍යාලයේ සිසු සිසුවියන් 197 දෙනෙකු වෙත පාසල් බෑග්, පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින එම පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.


22 පාබල සේනාංකයේ භටපිරිස් නිලාවේලි මුහුදු තීරය පිරිසිදු කරයි

2023-05-07

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 221 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුසිසුවින් 27 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙයි

2023-05-05

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය කල්ලරාව ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුසිසුවින් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය මැයි මස 29 (සදුදා) දින පවත්වනු ලැබීය.


අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් නව නිවසක්

2023-05-04

මැදවච්චිය ප්‍රදේශයේ කුඩා පැල්පතක දරුවන් තිදෙනෙකු සමඟ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වාසය කළ මවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වෙසක් පොහොය නිමිත්තෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-05-04

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වෙසක් සතිය නිමිත්තෙන් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි තුසිත වැඩිහිටි නිවාසයේ නේවාසික වයෝවෘද්ධ මව්වරුන් සහ පියවරුන් 26 දෙනෙකු වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (02) දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


‘රාජ්‍ය වෙසක් උත්සවය - 2023’ සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ නිරීක්‍ෂණයට

2023-05-03

එළඹෙන රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හලාවත, කබල්ලෑව ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.


592 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-05-03

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 592 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (30) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


582 වන පාබල බලසේනාවේ සහ 9 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2023-05-02

58 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 582 වන පාබල බලසේනාවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මතුගම, වෑත්තෑව ග්‍රාමසේවා වසමේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවකගේ නිවසක අබලන්ව තිබූ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මතුගම ප්‍රාදේශීය සභාව විසින් සපයන ලදී.


15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ භාවනා මධ්‍යස්ථානය පිරිසිදු කරයි

2023-05-01

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අප්‍රේල් 29 වන දින මීගොඩ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.