3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංවත්සර දිනය නිමිත්තෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

12th April 2023

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 32 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර ‘රියන්සි අලගියවන්න’ පාසලෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රනීත දිවා ආහාර වේලක් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය තොගයක් මාර්තු මස 22 වන දින පිරිනමන ලදී.

මාර්තු මස 27 වන දින හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පවත්වල ලද මෙම සංවත්සර දිනයේදී 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ඩී.එස්.යූ.කේ වීරසිංහ වෙත එම ඒකකයේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, පසුව ආරම්භ වූ සංගීත ප්‍රසංගයෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.