4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අලුත් අවුරුදු උත්සවය සමරයි

18th April 2023

දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් එක්ව අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම කඳවුරු පරිශ්‍රය තුළ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘බක්මහ උළෙලක්’ පවත්වනු ලැබීය.

බක්මහ උළෙල වර්ණවත් කරමින් ග්‍රීස් ගහේ නැඟීම, කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිදීම, කඹ ඇදීම, අලියට ඇස තැබීම, සංගීත පුටු තරඟය, බැලූන් පිපිරවීම, බනිස් කෑම, බාධක දිවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන දිවීම, විකට ඇදුම් තරගය වැනි ජන ක්‍රීඩා රැසක් පවත්වන ලදී.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඩී ඩී ආර් වීරපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන ලදී.