සිවිල් ක්‍රියාකාරකම්
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව කායන්කර්නි ගම්මානයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 4000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 23 ක් පසුගිය සෙනසුරාදා (15) දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙනු ලැබීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ රෝද පුටු, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් අලුත්වැඩියා කරයි

5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි එම රෝහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ රෝද පුටු 35ක් අලුත්වැඩියා කර ඉකුත් ඉරිදා (අප්‍රේල් 16) දින එම රෝහලේ කාර්ය මණ්ඩලය වෙත භාරදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සංකල්පයකට අනුව සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම මූලස්ථානයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 28 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
පාසල් සිසුන්ගේ අධ්‍යයන කඳවුරට යුද්ධ හමුදා භට පිරිස්වල සහය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අයත් 622 පාබල බලසේනාවේ භටපිරිස් 2023 අප්‍රේල් මස 7 සිට 9 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ චාරිකාව ලෙස නම් කරන ලද පාසල් හයක වාර්ෂික ඒකාබද්ධ අධ්‍යයන කඳවුරු ව්‍යාපෘතිය සඳහා සහයෝගය සහ අවශ්‍ය පහසුකම් සපයන ලදී.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවක සේවිකාවන් සඳහා තිළිණ ප්‍රදානය කෙරේ

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 50 දෙනෙකු වෙත තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.
6 සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අලුත් අවුරුදු දිනයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක් දියත්කරයි

682 පාබල බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල දායකත්වයෙන් මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5 කට සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වියළි සලාක පාර්සල් සහ රසකැවිලි පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා සංඥා බලකාය සහ සේවාවනිතා ඒකකය එක්ව එම රෙජිමේන්තු මූලස්ථානයේ අලුත් අවුරුදු පොළක් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය, සංඥා බලසේනාව, ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තු මූලස්ථානය, සියලුම ඒකක, ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල සහ ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකයන්හී සේවා වනිතා ඒකකවල සහයෝගය ඇතිව සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් සහ අවුරුදු පොළක් ඉකුත් අඟහරුවාදා (11) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය ඉකුත් අඟහරුවාදා (11) දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම කොළඹ ඉසිපතන විද්‍යාලයේ සිසුන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙයි

කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (අප්‍රේල් 3) දින එම විද්‍යාලයේ සිසුන්ට පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.