ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

24th December 2024

නත්තල් සැමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව මගින් 2024 දෙසැම්බර් මස 20 දින වේරහැර, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී, වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 19 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.