ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වයි

27th December 2024

ස්වාධීන සැපයුම් ගබඩාව, ස්වාධීන ප්‍රවාහන බලඝණය සහ යුද්ධ හමුදා සේවා බළකා පාසල එක්ව 2024 දෙසැම්බර් මස 22 දින මොරටුව සුරස විශේෂ අධ්‍යාපන පාසල සහ බාලිකා නිවාසය සඳහා පරිත්‍යාග වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මිය සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජී.ටී.සී.මදුරාවල යුඑස්පී ක්‍යුඑල්සීඕ, ස්වාධීන ප්‍රවාහන බලඝණයේ සේනාවිධායක කර්නල් ඩී.කේ.එස්. නෝල්ටන් සහ ස්වාධීන සැපයීම් ගබඩාවේ සේනාවිධායක ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ආර්. හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මඟපෙන්වීම මත ඔවුන්ගේ භාර්යාවන් සමඟින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.