10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

25th December 2024

10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 23 දින J/433, මුල්ලියන් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල් පහක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.එච්. සුදුසිංහ මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.