ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් රණවිරු පවුලක් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

27th December 2024

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුුනිලයෙකුගේ තුන් නිවුන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 23 දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මිය සහභාගී වූවාය

වැඩසටහනේදී එම දරුවන් වෙත පොත්, පාසල් බෑග්, පාවහන්, නිල ඇඳුම් සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදුන් අතර, එහිදී දරුවන්ගේ පාසල් ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක් මාසිකව අඛණ්ඩව ලබාදීමට ද කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ නිලධාරීන් සහභාගී වූහ.