4 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්
5th December 2024
4 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකරදෙනු ලැබීය.
නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 27 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ සුරතින් නිවාසලාභීන් වෙත නිල වශයෙන් නව නිවස පවරාදෙනු ලැබීය.
ස්විස්ටර්ලන්තයේ වෙසෙන පරිත්‍යාගශීලී ප්‍රභාත් පෙරේරා මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන අතරතුරදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මිය විසින් නිවාසලාභීන් වෙත අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, මූල්‍ය අනුග්‍රාහකයින්, නිවාසලාභියා ඇතුළු පවුලේ සාමාජිකයන් සහභාගී වූහ.