20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහර වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
20th December 2024
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ඌව කුඩාඔය මහර වැවේ වැව් බැම්ම 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 17 දින වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
121 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරනු ලැබූහ.