513 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ පරිත්‍යාග වැඩසටහනක්
25th December 2024
513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී ඒකනායක යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී පාසල් සිසුන් සඳහා බයිසිකල් 50 ක්, වැඩිහිටි කාන්තාවන් සඳහා වියළි ආහර සලාක පාර්සල් 25 ක් සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහර සලාක පාර්සල් 25 ක් බෙදා දෙන ලදී.
මෙම වැඩසටහන 2024 දෙසැම්බර් මස 24 දින කීරිමලෛයිහි පිහිටි 513 පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්වූ අතර, කැනඩාවේ පදිංචි දානපතියෙකු වන රාගිකරන් ෂන්මුගරත්නම් මහතා මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.
පරිත්‍යාග වැඩසටහන සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති -යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ද සහභාගී වූහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.