6 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

13th December 2024

6 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරදන්කඩවල ලබුනොරුව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ආගමික වතාවත් හා මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නව නිවසේ යතුරු පවුලේ සාමාජිකයින් වෙත 2024 දෙසැම්බර් මස 10 දින ප්‍රදානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය සහ ද්‍රව්‍යමය ආධාර ප්‍රදේශීය පරිත්‍යාගශීලීන් විසින් සපයන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ලබුනොරුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, රාජ්‍ය නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.