යුද්ධ හමුදා විශේෂාංග

Clear

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලියේ ජය විජයබාහු පාබල රෙජිමේන්තුවට

2024-11-13

යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය, පනාගොඩ යුද්ධ හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 නොවැම්බර් මස 10 දින පැවැත්වූ අතර, ඒ සඳහා රෙජිමේන්තු දොළහකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 167 කට අධික පිරිසක් සහභාගී වී සිය දක්‍ෂතා ඉදිරිපත් කරන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 143 පාබල බලසේනාවේ නිල සංචාරයක

2024-11-12

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 05 දින පැලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.


අභිමංසල I සුවතා නිකේතනයේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

2024-11-12

අනුරාධපුරයේ පිහිටි ‘අභිමංසල I’ සුවතා නිකේතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා ආර්එස්පී 2024 නොවැම්බර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.


56 පාබල සේනාංකය මහ කන්නයේ වී වගාව අරඹයි

2024-11-12

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 08 දින සුබ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ මහ කන්නයේ වී වගාකිරීම ආරම්භ කෙරිණි.


10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 34 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2024-11-12

10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අභිමානවත් 34 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එස්.බී.ජේ.සී. සේමසිංහ ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 02 දින එම මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.


‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ සාර්ථකව අවසන්

2024-11-12

‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ හි සමාප්ති උත්සවය 2024 ඔක්තෝම්බර් මස 30 දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක

2024-11-11

යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය 2024 නොවැම්බර් මස 02 දින 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.


7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2024-11-07

7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ.ඩී.යූ.ඩබ්ලිව්. අරංගල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 32 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 03 දින එම ඒකක පරිශ්‍රයේදී සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.


උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

2024-11-04

උතුරු පළාත් නව ආණ්ඩුකාර නාගලිංගම් වේතානායහන් මැතිතුමන් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක ප්‍රජා ව්‍යාපෘති සහ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2024 නොවැම්බර් මස 02 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත විය.


‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ පාඨමාලාව සාර්ථකව අවසන්

2024-11-04

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ සාර්ථකව අවසන් කළ සෙසුනිලයන් 189 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 20 දින පැවැත්විණි.