ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 143 පාබල බලසේනාවේ නිල සංචාරයක
12th November 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 05 දින පැලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
එම මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම මූලස්ථානය සතු කාර්යභාරය, වගකීම් සහ ක්‍රියාන්විත සඳහා වන සූදානම පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
143 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරයෙන් පසුව එතුමන් 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ද නිල සංචාරයක නිරතවිය.
මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.