උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක
4th November 2024
උතුරු පළාත් නව ආණ්ඩුකාර නාගලිංගම් වේතානායහන් මැතිතුමන් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක ප්‍රජා ව්‍යාපෘති සහ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2024 නොවැම්බර් මස 02 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට ඉටුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් සබැඳිව ආණ්ඩුකාරතුමන් දැනුවත් කළේය. ඉන් අනතුරුව, ගරු ආණ්ඩුකාරතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.
අනතුරුව, ගරු ආණ්ඩුකාරතුමන් පලාලි ප්‍රදේශයේ ස්ථාපිත CIMIC උද්‍යානය සහ බහුකාර්ය ක්‍රීඩාපිටියේ සංචාරයක නිරත විය. එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ ‘සියඹලා’ පැළයක් ද රෝපණය කළේය.
මෙම අවස්ථාව සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.