යුද්ධ හමුදා විශේෂාංග

Clear

24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

2024-12-07

24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ආගමික ආශිර්වාද මධ්‍යයේ 2024 දෙසැම්බර් මස 4 දින රාජකාරි භාර ගන්නා ලදී.


14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

2024-12-07

14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 දෙසැම්බර් මස 05 දින ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.


24 පාබල සේනාංකයේ 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2024-12-07

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 11 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 26 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.


61 පාබල සේනාංකයේ බදාදා දින පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

2024-12-07

බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 4 දින එම සේනාංක මූලස්ථානයේදී බදාදා දින පුහුණු වැඩසටහන පැවැත්විණි. කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරිමේ හැකියාව, නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම හා වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වීය.


ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් වෘත්තීය සංවර්ධන වැඩමුළුවක්

2024-12-05

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය සමඟ ඒකාබද්ධව 2024 දෙසැම්බර් මස 4 දින ඉංජිනේරු සේවා බලකා මූලස්ථානයේදී වෘත්තීය සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීය. මෙම වැඩමුළුවේදී, ඌව - කුඩාඔයේ කමාන්ඩෝ භටයින්ගේ කන්ෆිඩන්ස් ජම්ප් අරීනා ව්‍යාපෘතිය සැලසුම් කිරීම, සැලසුම් කිරීම සහ ඉදිකිරීමෙන් උගත් අභියෝග සහ පාඩම් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි.


‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට රන් පදක්කමක්

2024-12-05

‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ ශූරතාවලිය 2024 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් මස 3 දින දක්වා රුසියාවේ යුෂ්නෝ-සකාලින්ස්ක් ප්‍රදේශයේදී පැවැත්විණි. සුවිශේෂී දක්‍ෂතා එළිදක්වමින් තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සාමාන්‍ය සෙබළ එස්.ඩබ්ලිව්.බී.කේ.ආර්.එස්.ඩී. සෝමතිලක සමත්විය.


‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට් තරඟාවලිය’ හි අනුශූරතාවය යුද්ධ හමුදාවට

2024-12-04

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් පවත්වනු ලබන ‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට් තරඟාවලිය’ 2024 නොවැම්බර් මස 24 දින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විණි.


කාලතුවක්කු බලසේනාව තම 36 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2024-12-03

කාලතුවක්කු බලසේනාවේ 36 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ජී.අයි.ඒ ආරියරත්න ආර්එස්පී අයිජී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 24 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.


කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය 13 වන සංවත්සරය සමරයි

2024-11-27

කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 13 වන සංවත්සරය එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 25 දින පවත්වනු ලැබීය.


යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක

2024-11-25

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 23 දින 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරය නිරත විය.