යුද්ධ හමුදා විශේෂාංග
දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල එළවළු සහ වී අස්වැන්න නෙලීම ආරම්භ කරයි

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල දැනට මාස කිහිපයකට පෙර වගා කරන ලද මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵළදාව නෙලීමේ කටයුතු ආරම්භ කරන ලදී.
613 වන බලසේනාවේ 12 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්දික ජයවීර ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ අභිමානවත් 12 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සිකුරාදා (20) දින හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලැබිණි.
144 වන බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සරය සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි 144 වන බලසේනාවේ 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ මූලිකත්වයෙන් ජනවාරි මස 31 දින සිට පෙබරවාරි මස 01 දින දක්වා බෞද්ධ ආගමික වතාවත් සහ හමුදා විධිවිධාන මධ්‍යයේ සැමරුම් උත්සවයක් පැවැත්විණි.
දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටි යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 10 දෙනෙකු...
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයේ තවත් එක් පෙර පුහුණු සැසි වාරයක් අම්පාර නගර මධ්‍යයේ දී පැවැත්වේ

ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය මේ වනවිට අම්පාර යුද්ධ හමුදා පුහුණු පාසලේදී ක්‍රියාත්මක වන අතර එහි තවත් එක් ප්‍රායෝගික පුහුණු සැසි වාරයක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින අම්පාර නගර මධ්‍යයේදී පැවැත්විණි.