‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ සාර්ථකව අවසන්

12th November 2024

‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ හි සමාප්ති උත්සවය 2024 ඔක්තෝම්බර් මස 30 දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් 18 දෙනෙකු, නාවික හමුදා නිලධාරියෙක් සහ ගුවන් හමුදා නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 07 දින ආරම්භ කෙරිණි.

පාඨමාලාවේ ඉහළම ලකුණු ලබාගනිමින් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් බී.ජී.ජී.එස්.ආර් බටවල පීඑස්සී සමත්විය. පාඨමාලාවේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඩී.එම්.යූ.ඩී. දිසානායකටත්, තෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.ඒ.ඒ.අයි. විතානටත් හිමිවිය.