යුද්ධ හමුදා විශේෂාංග

Clear

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වන්නි ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස නිවාසලාභීන් වෙත පවරාදෙයි

2024-10-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමට සමගාමීව 8 සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව, 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය සහ 11 බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවාස හතරක් 2024 ඔක්තෝබර් මස 12 දින නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.


56 පාබල සේනාංකයේ සේනාංකාධිපති 562 පාබල බලසේනාවේ නිල සංචාරයක

2024-10-14

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 2 දින 562 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.


21 පාබල සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක

2024-10-14

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන රෙජිමේන්තු අධිපති ලෙස ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 12 දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.


චාවකච්චේරි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

2024-10-14

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ අදියරක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන්

2024-10-13

පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී 2024 ඔක්තෝම්බර් මස 11 දින පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

2024-10-11

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තොම්බර් මස 9 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.


ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

2024-10-11

ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් 08 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


551 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්

2024-10-11

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 551 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් ටී.බී.එම්.ආර්. කන්දකුඹුර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 551 පාබල බලසේනාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 08 දින කිලිනොච්චිය නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.


ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපතිට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-10-10

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 3 දින පැවැත්විණි.


11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

2024-10-10

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 09 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුහද සංචාරයක නිරතවෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු එස්.බී.එස්. අබේකෝන් මහතා හමුවිය.