යුද්ධ හමුදා විශේෂාංග

Clear

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වික්‍රමබාහු ජාතික පාසලේ වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙයි

2024-11-25

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා පැවති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 21 දින එම පාසල් ශ්‍රවණාගාරයේ පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.


12 පාබල සේනාංකයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-11-25

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සූරියවැව, අගුණකොළවැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින පවත්වන ලදී.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය - 2024 සාර්ථකව අවසන්

2024-11-23

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය. එහිදී, විවිධ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරඟාවලියේදී සිය දස්කම් විදහා දක්වන ලදී.


12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේදී පරිත්‍යාග වැඩසටහනක්

2024-11-23

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්.බී.ඩබ්ලිව්. . පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ අම්බලන්තොට මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් උකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 20 දින පවත්වන ලදී.


ඉංජිනේරු සේවා බළකා නිලධාරීන් සඳහා පුහුණු දින වැඩසටහනක්

2024-11-23

ඉංජිනේරු සේවා බළකායේ බලකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 2024 නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 නොවැම්බර් මස 21 දින සාර්ථකව පවත්වන ලදී.


‘B’ ඛාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

2024-11-22

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘B’ කාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණි


11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

2024-11-22

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 18 දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සමාජ සේවය ඇගයීමට ලක්කරයි

2024-11-21

යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් සිදුකරන ලද කීර්තිමත් සමාජ සේවය අගයමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත උපහාර පිදීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 19 දින යාපනය, වාලම්පුරි හෝටලයේ දී පවත්වනු ලැබීය.


ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සිය බලප්‍රදේශයේ සංචාරයක

2024-11-21

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 19 දින 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.


බලඇණි ආධාරක අවි පාඨමාලා නිලධාරී අංක - 87 සාර්ථකව අවසන්

2024-11-20

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 01 දින සිට 2024 නොවැම්බර් මස 14 දින දක්වා නිලධාරීන් 29 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි පාඨමාලා නිලධාරී අංක - 87 (2024/II) හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වීය.