යුද්ධ හමුදා විශේෂාංග
8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 7 දින එම බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 173 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 02 දින 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
නව ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු රාජකාරි භාර ගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යුඑස්පී 2024 ඔක්තෝම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 21 වන ආඥාපති ධූරයේ රාජකාරි අරඹයි

ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 07 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ධූරයෙන් නික්ම යන 1 බලකායේ පස්වන බලකාධිපතිතුමන් වෙත එම බලකායේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට එළඹීම සඳහා ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
“Eagles Monsoon Cup 2024” තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “The Eagles Monsoon Cup” ගොල්ෆ් තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින තුළ ත්‍රිකුණාමලය ඊගල් ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 4 දින අක්කරපත්තුවේ පිහිටි අම්මාන් මහරිල්ලා කාන්තා ළමා නිවාස පරිශ්‍රයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
විශේෂ බලකායේ මූලිකත්වයෙන් මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 07 දින මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කාක්යන්කුලම් ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඇස් කණ්නාඩි පරිත්‍යාග වැඩසටහනක්

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින කාක්යන්කුලම් ප්‍රජා ශාලාවේදී ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.