යුද්ධ හමුදා විශේෂාංග
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 45 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 නොවැම්බර් මස 18 දින සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 13 සාර්ථකව අවසන් කරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සඳහා එක්වූ තරුණ නිලධාරීන් හත් දෙනෙකු වෙනුවෙන් පෙරියකඩ්ඩු, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 18 දින සිට නොවැම්බර් මස 12 දින දක්වා පවත්වනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 13 විසිර යාමේ උත්සවය පසුගියදා පැවැත්වූහ.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වෙයි

මහනුවර, කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 නොවැම්බර් මස 18 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් රාජ්‍ය සහ දෙපාර්තමේන්තු නිලධාරින් සඳහා නායකත්වය හා අභිප්‍රේරණය පිළිබඳ දේශනයක් පවත්වයි

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායගන් මහතා සහ උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතාගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 නොවැම්බර් මස 18 දින උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී “Defining Success for Yourself and Your Team to Embracing Self - Belief and Confidence” තේමාව ඔස්සේ නායකත්වය හා අභිප්‍රේරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි තම බල ප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 16 දින 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 6 බලඇණිය ගැමුණු හේවා බලකාය, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යන ඒකකන්හි නිල සංචාරයක නිරත විය.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරයි

ගම්පොල, ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදී 2024 නොවැම්බර් මස 10 දින අභිනවයෙන් ඉදිකරනු ලැබූ බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති 1 බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් 2024 නොවැම්බර් මස 12 දින 1 බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලියේ ජය විජයබාහු පාබල රෙජිමේන්තුවට

යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය, පනාගොඩ යුද්ධ හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 නොවැම්බර් මස 10 දින පැවැත්වූ අතර, ඒ සඳහා රෙජිමේන්තු දොළහකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 167 කට අධික පිරිසක් සහභාගී වී සිය දක්‍ෂතා ඉදිරිපත් කරන ලදී.
5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් උඩිස්පත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 11 දින 612 පාබල බලසේනාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය සහ 9 බළඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.