යුද්ධ හමුදා විශේෂාංග

Clear

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක

2024-12-13

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 11 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.


ලංකා ප්‍රවීනයන්ගේ T20 ක්‍රීකට් 2024 තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ප්‍රවීණයන් දිනා ගනී

2024-12-12

ලංකා ප්‍රවීණයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද T20 ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

2024-12-12

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 09 දින එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක්

2024-12-12

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් එම මූලස්ථානයයේ සේවයේ නියුතු භටපිරිස් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලයට සහාය දැක්වීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 10 දින දියතලාව ‘Golf Club’ පරිශ්‍රයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.


64 පාබල සේනාංකයේ සේනාංකාධිපති 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි පුහුණුවීම් නිරික්‍ෂණය කරයි

2024-12-11

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස්. පෙරේරා මුලංකාවිල් බලඇණි පුහුණු පාසලේ 2024 නොවැම්බර් මස 24 දින නිල සංචාරයක නිරතවෙමින් එම පුහුණු පාසලේ බලඇණි පුහුණුව හදාරන 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය.


2024 ජාතික කඹ ඇදීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

2024-12-11

ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 20 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් 07 වන දින බණ්ඩාරවෙල නගර සභා පිටියේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

2024-12-10

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 9 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී..


12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2024-12-10

12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වී.බී.ටී.කේ. කොඩිතුවක්කු ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 17 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 03 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.


8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

2024-12-10

8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 13 දෙනෙක් සහ සෙසුනිලයන් 413 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාව ආලංකුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී 2024 දෙසැම්බර් මස 06 දින සාර්ථකව අවසන් කෙරිණි.


14 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

2024-12-09

14 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 දෙසැම්බර් මස 6 දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.