අභිමංසල I සුවතා නිකේතනයේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි
12th November 2024
අනුරාධපුරයේ පිහිටි ‘අභිමංසල I’ සුවතා නිකේතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා ආර්එස්පී 2024 නොවැම්බර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
එම සුවතා නිකේතනයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාමක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව, සේනාවිධායකතුමන් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, එම සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරතවන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.